2013/09/28

දේශපාලනය- විලියම් බට්ලර් යේට්ස්


















“අපේ කාලයේ මිනිසුන්ගේ ඉරණම සිය අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කරන්නේ දේශපාලන රාමුවක පිහිටා සිටය.”- තෝමස් මෑන්

අර සොඳුරු යුවතිය
එතැන සිටගෙන සිටින කල
රෝම, රුසියානු, ස්පාඤ්ඤ
දේශපාලනය ගැන
කෙලෙස නම් මා
සිත යොමු කරන්නද

බොහෝ රටවලට ගිය
දැන උගත් මිනිසෙක්
මෙතැන දේශනයක් කරයි
ඇසූ පිරූ තැන් ඇති
දේශපාලකයෙක්
සිතා කියවා බලා
කතාවක් පවත්වයි

යුද්ධයත් එහි ඵලත්
එහි හේතුව ගැනත්
ඔවුන් කියනා කරුණු
ඇත්ත වන්නට හැකිය

එනමුදු අහෝ මට
සිතෙන්නේ මෙයමය:
යළි තරුණයෙකු වී
වැළඳ ගන්නට ඇයව











-විලියම් බට්ලර් යේට්ස් 

11 comments:

  1. Agreed!!! Very nice.. Thank you..

    ReplyDelete
  2. Very good work Niluka. keep it up.

    ReplyDelete
  3. මාත් රූකාන්තගේ ප්‍රසංගයක් අහන්න ගිහිං දේශනාවකට කන් දෙන්න වුනහම ඔහොම හිතුනා. මේ වගේ දේශනා හැම තැනම. මොකද නිලුක රැකියාව පමණට වඩා බිසිද මේ දවස් වල?

    ReplyDelete
    Replies
    1. @ raigam
      අදහස් දැක්වූවාට ස්තූතියි. මා පෝසට් එකක් දැම්මේ මාස හතකට පස්සෙයි. රැකියාවේත් වැඩ අධිකයි තමා. පශ්චාත් උපාධි වැඩසටහනක පළමු වසර ඉවර වුණේ ඊයේ. දෙවැනි වසර පටන් ගන්න කම් මාස දෙකක් නිවාඩුයි. ඒ නිසා පෝස්ට් එකක් දමන්න පුළුවන් වුණා. පැමිණ යන්නට ආවාට ඔබට නැවතත් ස්තූතියි.

      Delete
  4. ඔබේ පරිවර්තනය සහමුලින්ම රසවිඳිය යුතු නිසා මුල් කවිය Politics කියෙව්වෙමි. මම ඔබව රස වින්දෙමි. ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. මුල් කවියට මා අතින් සාධාරණයක් ඉෂ්ට වී යැයි සිතමි. මගේ පරිවර්තනය රස විඳීම ගැන ස්තූතිවන්ත වෙමි.

      Delete
  5. ඔබ මුල් කෘතියට ඉතාම කිට්‍ටුවෙන්, එහි රස නොමරා අලංකාර පරිවර්තනයක් කිරීමට සමත් වී ඇත. ඔබේ පරිවර්තන හැකියාව ඉතා ඉහලය.

    ReplyDelete
    Replies
    1. @නිල් මානෙල්
      ඔබේ අදහසට සහ දිරිගැන්වීමට ස්තූතියි.

      Delete

සෙවුම්