2015/02/11

පමාවී පැමිණි ප්‍රේමය




පුළුල්ය, කහවන්ය සැඳෑ ආලෝකය

සොඳුරුය, සුවදායකය අප්‍රේල් සිසිලස

පැමිණ ඇති මුත් වසර ගණනක් පමාවී

ඔබේ පැමිණීමෙන් සතුටෙන් සිටිමි මම


සතුටෙන් සිනාසෙන ඔය සුමුදු දෑසින්

මා දෙස බලනු මැන මා ළඟින් හිඳගෙන

පිරී ඇත මේ සටහන් පොත ඉතින්

මා ලියූ කවිවලින් දැරියක විලස


සමාවනු මැන මහට ශෝකයෙන් තැවුණාට

කමනු මැන  ඉදින් නොතැකූවාට මේ හිරු එළිය

වෙසෙසින්ම දෙනු මැන සමාව මා වෙත

අනෙකුන් බොහෝ දෙන ඔබ යැයි සිතුවාට

-ආන්නා අක්මතෝවා (1889-1966)

21 comments:

  1. Replies
    1. Thank you very much Sakunthala. Thank you for taking time to read it.

      Delete
  2. අපූරු පරිවර්තනයක්
    ජයවේවා

    ReplyDelete
  3. කොහොමද නිලුක? වසර දෙකකට කලින් ආ යහපාලනයේ සිසිලස හා සුන්දරත්වය තවම දැනෙන්නේ නැත්ද?

    ReplyDelete
    Replies
    1. වසර දෙකකට කලින් ? කොමෙන්ටුවට ස්තූතියි රයිගම්.

      Delete
  4. මේ පරණ ඉංග්‍රීසි කිවි කතාවල භාශාව මට ටිකක් අමාරුයි

    ReplyDelete
    Replies
    1. ටිකක් කියවන කොට හරියයි ධම්මික. ගොඩවැදුණාට ස්තූතියි.

      Delete
  5. ඔබේ පරිවර්තන කොතරම් මිහිරිද, මටසිලිටිද!

    ReplyDelete
    Replies
    1. ඔබේ කවි සමග සසඳන විට මගේ පරිවර්තන නිකම්ම නිකම් වාගාලාප පමණයි. ඔබේ අදහසට ස්තූතියි කඳු.

      Delete
    2. ඔබේ පරිවර්තන කියවන විට දැනෙන දේ වෙනත් කිසිවකට සදිසි කළොත්, එය Bibhutibhushan Bandyopadhyayයන්ගේ අරණකට පෙම් බැඳ ගද්‍ය කාව්‍යයෙන් විසිරෙන අසීමිත රසභාවයන්ට සම කළ හැකියි. එය හැම දෙනාටම කළ හැකි දෙයක් නොවෙයි.

      Delete
  6. මේ පරිවර්තනය ඉතා සියුම් අයුරින් අදහස් දනවන එකක් බව සිතෙනවා. එය සරළ සහ සුමට අයුරින් පරිවර්තනය වී තිබෙන නිසා මුල් පදවල තිබූ රසයේ වෙනසක් නැතිව ඇති. දෙවන පද පෙළෙහි එන සතුටෙන් සිනාසෙන ඔය සුමුදු දෑසින්...මා දෙස බලනු මැන මා ළඟින් හිඳගෙන යන්න ඔබ පද මාරුකර පරිවර්තනය කර ඇති බව කිසිවකුට නොහැගෙන පරදි සිදුකර ඇති බවයි මගේ වැටහීම. ඒ වගේම තුන් වන පද පෙළ හි පරිවර්තනය අනර්ග එකක් ලෙසින් නම් කළ හැකියි. Forgive, forgive that I mistook- යන්න වෙසෙසින්ම දෙනුමැන සමාව මාවෙත යන්න ඉතා හොද යෙදුමක්. යමක් එක් කරනවානම් අර නිල් පැහැති සටහන් පොතේ පාටත් තවරා ගන්නට ඉඩක් තිබුනානම් තවත් හොද යැයි මට සිතෙනවා. ඉතා හොද පරිවර්තනයක්.

    ReplyDelete
    Replies
    1. ඔබේ විචාරය සතුටෙන් බාර ගනිමි. අදහස් දැක්වීම ගැන ස්තූතියි.

      Delete
  7. අපේ බ්ලොග් දර්ශකයටත් මේක ඇතුල් කරන්න අමතක කරන්න එපා. පහතින් දර්ශකට වෙත පිවිස අපට ඔබේ බ්ලොග් ලින්ක් එක එවන්න.

    blogdharshakaya.blogspot.com

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. මේ..... ප්‍රථම ප්‍රේමය පමාවී ලැබීමද, සත්‍ය ප්‍රේමය පමා වී ලැබීමද, නොතැකූ ප්‍රේමය පසුව තැකීමද....... සාර්ථක නිර්මාණයක විවිධ පැතිකඩ ඔස්සේ සිතිය හැකි වුවත් එවැනි සිතිමකට පාඨකයා පෙළඹවීමට හැකි වීම ඔබගේ නිර්මාණයේ (පරිවර්තනය) ඇති සාර්ථකත්වයයි. අනර්ඝයි සර්.... (ජයන්ත දිසානායක)

    ReplyDelete

සෙවුම්