අවිහිංසාවේ
අවියකින් වනසනු මැනව කාමයෙහි මකර තෙම
කරුණා
වැස්සකින් නිවනු මැන ක්‍රෝධයේ ලැව් ගින්න
වියළි
කොළයක් ලෙස ගසා ගෙන යයි මා තෘෂ්ණාවේ දියසුළිය තුළ,
මවු උකුළේ
සිටින බිළිඳෙකු විලාසෙන්,
දෙවියනි !
මා ආත්මය ගලවා ගනු මැනව
ඔබ චරණ යුග
අස සරණ දී මා හට, මා රක්ෂා කළ මැනව
නොපහන්
සිතැති දරුවෙකු ලෙසින්, මානයෙන් උදම් වී ඇවිද යමි
ඉරිසියාවේ
ගිනි දැල්වලින් නිරතුරුවම දැවෙමි
ගලවා ගනු
මැනව මා පාපී ක්‍රියාවෙන්
නිදහස් කළ
මැනව මා රුපුන්ගේ ග්‍රහණයෙන්-සැදැහැ නැතිකමින්
කෝපයේ, බැඳීමේ
බැමිවලින් මා මුදාලනු මැනව
සාමයේ එළිය
වෙත, ආත්ම විශ්වාසය වෙත මග පෙන්වනු මැනව
මමත්වයේ, සැහැසිබවේ
ගැඹරෙන් මා ගොඩගත මැනව
දයා, කරුණා
සපිරි දෑතින් මා වැළඳ ගනු මැනව
දෙවියන්ට
දැල්වූ පහනක් පරිද්දෙන් මගේ හදවත එළිය වේවා
හිරුගෙ
සඳුගේ රැස් විලාසෙන්, දෙවිඳ ඔබ තුළ මා දිලේවා
නින්දා, ප්‍රශංසා,
සුඛ, දුක්ඛ අතරේ නොසෙල්වී ඉන්නට ලැබේවා
භක්තියේ,
සමබවේ මාවතෙහි යන්නට සමිඳ මා හට සරණ වේවා !
- නේපාල කවි
තාකූර් ප්‍රසාද් මයිනාලි
(ගෝවින්ද
රාජ් භට්ටරායිගේ ඉංගිරිසි පරිවර්තනයෙනි)
Painting by Graham
Dean