මේ බලාපොරොත්තු විරහිතබව
ඔබේ
හැරෙනු ඇත අපේක්ෂා බවට
එක් දිනෙක...
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
මැටියෙන් කළ පහන බිඳී
යන්නේ වුව
දැල්වෙන කලට එය
විහිදුවයි එළියම
කඩා හැලෙනා කලට මේ
කඳුළු, දිය වුව
නැවතුණු කලට ඒ මුතු බවට
පත්වේය
ඇස්වලින් වට ඒ කඳුළු
මුතු කැට
වස්තුවක් මෙන් එකතු වනු
ඇත, නැතිවී නොයනු ඇත.
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
මහ කුණාටුවකින්
ගිලගත්, සාගරය සදිසිය ඔබ දිවිය
කෙතෙක් බොළඳද ඔය දෑස,
ඉහිරෙන දිය බඳුනක් විලස
නොදනිම් ඉතින් සිටිනු
මන්දැයි මෙලෙස
කඳුළෙන් තෙත්ව
ගිය, දෙනයනින් යුක්තව.
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
කලෙක ඇති වේමය දුක්ඛයෙහි
සෙවණැල්ල
කලෙකදී පතිත වේ
සතුටෙහි අව් රැල්ල
පෙරලෙනුය දුක සැප නිතින
ජීවන උයන් තෙර
මල්වලින්, කටුවලින්
උයන්පලු තෙම මල්දමක් අමුණන.
කුමට හඬනුද මේ, කුමක්
සිදු වූවද
සඵල වනු ඇත ඔබ යැදුම,
ඉතින් හඬනුය කිමට
ගී පද: ආනන්ද්
බක්ෂි
ගායනය: සචින් දේව් බර්මන්
සංගීතය: සචින් දේව් බර්මන්
චිත්‍රපටය: ආරාධනා (1969)