2018/02/04

සයුරු තෙර ප්‍රේමය





භයානක සූනියමක කලු වලාවක් බඳු
මා වසාගත් තරු රහිත රාත්‍රිය තුළ,
සුසුම්ලන සමුදුරේ මුණුමුණුව
සමුගන්නා කල දෙදෙනකු දුකින් වෙලෙවිව
නඟන ඉකි භරිත කෙඳිරුම් හඬ වැනිය
(අහෝ හමනා සුළඟ දෙන පීඩාව !)

මා තුළ ජීවය තෙගුණ කළ ආසාවලින්
හෙට දවස ගැන පේන කී සිහිනයෙන්
ඈ උදෙසා පැතූ සයුර වන් පැතුමන්වලින්
උල්ලසිත දනන් වෙත දුන් සියලු මිහිරැති දෙයින්
නිහඬව සමුගනු හැරෙන්නට
කළ හැකි අන් කිසිත් නැත මට ඉතින්
(අහෝ හමනා සුළඟෙහි ශෝකය!)

ඈ පැතූ දිවිය මා නොවනා නිසාවෙන්,
මා පෙම් කළා වූ ඒ කුමාරියගෙන්
රාත්‍රිය තුළ, හඬ නඟන සයුරු තෙර සිට
අප දෙආත්මය එකට මුසුවිය හැකිව තිබු
දැඩි ආදරයෙන් පිරී,
සොවින් බර, දිගු, අනුත්තර, 
අවසන් සමුගැනීමක් කරනෙමි මම ඉදින්
(අහෝ හමනා සුළඟෙහි වැලපුම !)
















-විලියම් අර්නස්ට් හෙන්ලි (1849-1903)

Painting by Sergey Lutsenko

10 comments:

  1. ප්‍රේමය තියෙන්නේ විඳින්න, ඒත් කියවන්න ලැබෙන්නේ විඳවීම ගැන....

    ReplyDelete
    Replies
    1. උඬු ඟං බලා යන කෙනෙක් නැතුවම ඇතිද?

      Delete
  2. අහෝ! හද වැලපුම..

    ReplyDelete
  3. නිලුක අතින් දැන් යමක් ලියවෙන්නෙ කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. දැන් ටිකක් වැඩ බහුලයි. ඒකයි.

      Delete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete

සෙවුම්