මා සොහොන අසල හිඳ
නොවැළපෙනු මැන ඉතින්
එහි නොඉන්නෙමි මම
නොනිදමි මම එතුළ
සහස් ගවු දුර හමන
සුළං රැළි මම වෙමිය
හිමකැටි මත දිලෙන
දියමන්ති මම වෙමිය
පැසුණු ගොයමට වැටෙන
හිරු එළිය මම වෙමිය
සරත් කල ඇද හැලෙන
මුදු වැස්ස මම වෙමිය
නිහඬ වූ උදෑසන
ඔබ අවදි වන කලට
අහසේ රැව් නැගෙන
සියොත් හඬ මම වෙමිය
රෑ කල අහස ගත්
දිලෙන තරු මම වෙමිය
මා සොහොන අසල හිඳ
නොවැළපෙනු මැන ඉතින්
එහි නොඉන්නෙමි මම
මා මියගොස් නොමැත
-කර්තෘ අඥාතයි
Nice to meet the translator again. You made me think that the last stanza is true. I have been crying there thinking the translator and the poet is dead. Now I know he is not.
ReplyDeleteලෝක සාහිත්‍යයෙන් බිඳක් සිංහල අන්තර්ජාල පාඨකයා වෙත ගෙන ඒමට දරන වෑයම අගය කරමි. ඒලෙසින්ම ඉඩක් ලැබෙන සෑම විටම මෙවැනි වටිනා පරිවර්තනයකින් අන්තර්ජාල පාඨකයා පිනවන මෙන් ඉල්ලාසිටිමි. ඔබට ජය !
ReplyDeleteGreat work Niluka. Feel like back in the old life at Unapandura junction central :-) Keep it up. wish u the very best.
ReplyDelete