රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම
ඇවිද ගොස් ඇත්තෙමි යළි යළිත්
මහා වරුසාවේ
ඇවිද ගොස් ඇත්තෙමි පසු කර
අවසන් පහන් එළියද නගරයේ
පසුකර ගොසින්
වීදි සරනා රැකවලුන්
සඟවා ගෙන මුහුණ
හේතු කීමට නොරිස්සෙන්
හෙලා ඇත්තෙමි දෙනෙත්
දුක්බරම වීදි දෙස නගරයේ
ඈත වීදියකින් නැගී
නිහඬ බව බිඳ හෙලන
හඬකට සවන් දී
නිසලව නැවත ඇත්තෙමි
හඬ නොනගා දෙපා
එනමුදු ඒ නැගුණු හඬ
මා අමතනු නොවේ
බොහෝ උස් තැනක දිදුලන
අහස පරයා නැගි හෝරා කණුව
පැවසීය වේලාව
හරිත් නැත වැරදිත් නැතැයි
රාත්‍රිය හඳුනා ගත්තෙක්මි මම
-රොබට් ෆ්‍රොස්ට්
No comments:
Post a Comment