හරිතවන් තණබිම්, සාරවත් උයන්වතු
උසැති කඳු හා සුවිසල් සයුරු ඇති,
ඉර-හඳෙන් එළිය වූ අහස ඇති
යශෝධර ලෝකයක්
මවුකුසෙන් එපිට ඇති වග
කිසිවකු කියුවහොත්
නූපන් දරුවකුට
විශ්වාස නොකරයි හෙතෙම
ඒසා දෙයක් අභූත.
කෙලෙස නම් සිතා ගන්නද ඉදින්
තවමත් අඳුරු මවුකුස සිටින ඔහු
මේ ලොවෙහි
විස්තර කළ නොහැකි මහිමය?
එලෙසින්ම,
ගන්ධයෙන්, වර්ණයෙන්
එපිට වූ ලෝක ගැන
මුනිවරුන් කියන කල,
තෘෂ්ණාවෙන් බිහිරි වූ
ආත්මාර්ථයෙන් අඳ වූ
පුහුදුන් මිනිසා
කෙලෙස නම්
වටහා ගනුද
ඒවායේ යථාර්ථය?
-ජලාල් අද්-දීන් රූමි (1207-1273)
(මාර්යම් මාෆි සහ අසීමා මෙලිතා කෝලින්ගේ ඉංගිරිසි පරිවර්තනයෙනි. )