රාත්‍රී අඳුර මැද මිහිතලයේ වුවන දොවා පිරිසිදු කළ
විට අහස
නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු
දෙන.
එකිනෙකා ඉඟෙන් අල්වාගෙන, තණපත් තුටින් නැටුමෙහි
යෙදුණු කල
නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු
අපි සියලු දෙන.
අපගේ ගැඹුරු නින්ද තුළ වැසි ඇද නොහැළිණි ය
වර්ෂාව මධ්‍යයට අපද පිවිසුණේ නැත.
එසේ නම් කෙලෙසක ගෙවී ගොස් රාත්‍රී හුදෙකලාව හා නිහඬබව,
අලස වූ උදෑසන මලානිකබව නැඟී සිටියේද අප නෙත් ඉදිරිපිට
. . .
නොදත්තෙමු අපි කිසිවෙකුත් එය, නිදා සිටියෙමු අපි සියලු
දෙන.
-ශංඛ ඝෝෂ් (1932-2021)
(කල්යාන් රෝයි බෙංගාලි බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)