එවැනි එක් වරෙක කුමර තෙම,
ගෙවී ගොස් සියලු ශක්තිය
බිම හොත්තේය මරණීය මූර්ඡාවක,
හුස්ම නොවැටෙන, සිරුර තුළ රුධිරය නොදුවන,
මරණයට පත්කරවූවකු විලස;
බෝ සේ ගිලන් විය, බෙහෙවින් නිසල විය හෙතෙම.
එනමුදු, ගොපලු කොල්ලකු යන්නට පැමිණි එමඟ
සිදුහතුන් බිම වැතිර සිටිනු දැක,
වත් කළේ උණු කිරි බිඳු හිමි දෙතොල මත
එළිච්චියකගෙන් දොවාගෙන,
කුලයෙන් හීන ගොපලු කොලු තෙම,
පෙනුමෙන් උසස් , පිවිතුරු හිමි සිරුර,
ස්පර්ශයෙන් වරදක් විණැයි සිතමින
වැඳ වැටුණේය හිමි දෙවි කෙනෙකැයි සිතාගෙන;
එකල අප හිමිසඳ, හුස්ම අල්වා නැඟී සිට,
ඉල්ලීය ගොපල්ලාගෙන් කිරි බඳුනක දමා දෙන ලෙද.
“අහා, මා හිමිසඳුනි, නොහැක මා හට එසේ කෙරුමට,
නොපෙනේද මා ශුද්‍රයකු වග,
මා ස්පර්ශයෙන් කෙලෙසෙන්නේය සියලු දැය!”
පැවැසීය ගොපලු තෙම.
හඬ අවදි කරලීය ලෝ පූජිත හිමි එසඳ:
“දුකද, වුවමනාවද නෑයන් කරයි සියලු සත.
එකම පැහැයෙන් ගලන ලෙය තුළ,
කිසිදු කුලයක් නොමැත්තේමය,
ලුණුරසින් ගලනා කඳුළ තුළ,
කිසිදු කුලයක් නොමැත්තේමය;
කිසිවෙක් නූපදිති තිලක-සලකුණු තබා නළලත
එසේ නැතහොත් පූන හුය ගෙල මත.
යහපත කරන තැනැත්තේ දෙවරක් උපදින්නේය
අයහපත කරන අය අධම වන්නාහුය.
සොයුර, දෙනු මැනව පානය කරන්නට මහට,
මා සෙවීම සඵල වූ කල, එය නුඹට කුසලයක් වනු ඇත”
ප්‍රීතියෙන් ඉපිළිණ ගොපල්ලාගේ හදවත
පුද දුන්නේය ඔහු ක්ෂීරය හිමි වෙත.
ගෙවී ගොස් සියලු ශක්තිය
බිම හොත්තේය මරණීය මූර්ඡාවක,
හුස්ම නොවැටෙන, සිරුර තුළ රුධිරය නොදුවන,
මරණයට පත්කරවූවකු විලස;
බෝ සේ ගිලන් විය, බෙහෙවින් නිසල විය හෙතෙම.
එනමුදු, ගොපලු කොල්ලකු යන්නට පැමිණි එමඟ
සිදුහතුන් බිම වැතිර සිටිනු දැක,
වත් කළේ උණු කිරි බිඳු හිමි දෙතොල මත
එළිච්චියකගෙන් දොවාගෙන,
කුලයෙන් හීන ගොපලු කොලු තෙම,
පෙනුමෙන් උසස් , පිවිතුරු හිමි සිරුර,
ස්පර්ශයෙන් වරදක් විණැයි සිතමින
වැඳ වැටුණේය හිමි දෙවි කෙනෙකැයි සිතාගෙන;
එකල අප හිමිසඳ, හුස්ම අල්වා නැඟී සිට,
ඉල්ලීය ගොපල්ලාගෙන් කිරි බඳුනක දමා දෙන ලෙද.
“අහා, මා හිමිසඳුනි, නොහැක මා හට එසේ කෙරුමට,
නොපෙනේද මා ශුද්‍රයකු වග,
මා ස්පර්ශයෙන් කෙලෙසෙන්නේය සියලු දැය!”
පැවැසීය ගොපලු තෙම.
හඬ අවදි කරලීය ලෝ පූජිත හිමි එසඳ:
“දුකද, වුවමනාවද නෑයන් කරයි සියලු සත.
එකම පැහැයෙන් ගලන ලෙය තුළ,
කිසිදු කුලයක් නොමැත්තේමය,
ලුණුරසින් ගලනා කඳුළ තුළ,
කිසිදු කුලයක් නොමැත්තේමය;
කිසිවෙක් නූපදිති තිලක-සලකුණු තබා නළලත
එසේ නැතහොත් පූන හුය ගෙල මත.
යහපත කරන තැනැත්තේ දෙවරක් උපදින්නේය
අයහපත කරන අය අධම වන්නාහුය.
සොයුර, දෙනු මැනව පානය කරන්නට මහට,
මා සෙවීම සඵල වූ කල, එය නුඹට කුසලයක් වනු ඇත”
ප්‍රීතියෙන් ඉපිළිණ ගොපල්ලාගේ හදවත
පුද දුන්නේය ඔහු ක්ෂීරය හිමි වෙත.
[ශ්‍රීමත් එඩ්වින් ආනෝල්ඩ්ගේ ආසියාවේ ආලෝකය මහා කාව්‍යයෙනි]
And once at such a time the o'erwrought Prince
Fell to the earth in deadly swoon, all spent,
Even as one slain, who hath no longer breath
Nor any stir of blood; so wan he was,
So motionless. But there came by that way
A shepherd boy, who saw Siddārtha lie ...
Also he poured upon the Master’s lips
Drops of warm milk, pressed from his she-goat’s bag
Lest, being low caste, he, by touching, wrong one
So high and holy seeming...
And the boy worshipped, deeming him some God;
But our Lord, gaining breath, arose and asked
Milk in the shepherd’s lota. “Ah, my Lord,
I cannot give thee,” quoth the lad; “thou seest
I am a Sudra, and my touch defiles!”
Then the World-honoured spake, “Pity and need
Make all flesh kin. There is no caste in blood,
Which runneth of one hue, nor caste in tears,
Which trickle salt with all; neither comes man
To birth with tilka-mark stamped on the brow,
Nor sacred thread on neck. Who doth right deed
Is twice-born, and who doeth ill deeds vile.
Give me to drink, my brother; when I come
Unto my quest it shall be good for thee.”
Thereat the peasant’s heart was glad, and gave.
[From "The Light of Asia" by Sir Edwin Arnold]