දුර ඈත කඳු අතර
හිරු සැඟව ගිය පසුව
තාරකා එළියද නිවී
පැතිර ගිය ගනඳුරේ
නීලවන් රාත්‍රිය
වසාගත් විට පොළොව
අප අතිනත් රැගෙන
ඇවිදගෙන ගිය අයුරු
කිසිවෙකුට නොපෙනිණි
ඔබ හොඳින් දන්නා
මා පෙළන ශෝකය
මිරිකා ආත්මය
ඔබ සිහිපත් කරයි
ඔබ කොහි විණිද?
ඔබ නොවේනම්
කවුරුන්ද වූයේ මා සමග
මා දෙසවනට
දෙඩුවේ කවුරුන්ද ?
මා සොවින් සිටින විට
ඔබ දුරක යැයි සිතන විට
පෙළන්නේ ඇයි මා
ඔබේ මතකය පැමිණ
රාත්‍රිය පැමිණි කල
"රාත්‍රිය පැමිණි කල
ReplyDeleteතාරකා එළිය මැද
මැකී බොඳවී යයි
හැමවිටම ඔබේ රුව.."
ස්තූතියි, කඳු.
ReplyDelete