2011/11/14

දෙවියන් චරණ යුග මල් තබා වඳින්නට....










දෙවියන් චරණ යුග මල් තබා වඳින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
පුරවාලනු මැන පළමු කොට
ප්‍රේමයේ සුවඳින් තම නිවෙස

දෙවියන් ඉදිරිපිට පහන් දල්වන්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
ඉවතලනු මැන පළමු කොට
හදවතින් පාපයේ ගණඳුර

දෙවියන් අබිමුවෙහි හිස නවා යදින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
ඉගෙන ගනු මැන පළමු කොට
මිනිසත්බවට හිස නවන්නට යටහත්ව

දෙවියන් අබියස දණ ගසා වඳින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
දණ නවනු මැන පළමු කොට
ඔසවන්නට පෑගෙන්නෙකු බිම හොත්ව

කළ පව් වෙනුවෙන් සමා අයැදින්නට
නොයනු මැන දෙව් මැඳුර වෙත
කමා කළ මැන හදවතින් පළමු කොට
වැරදි කළවුන්ට ඔබට එරෙහිව









- රබීන්ද්‍රනාථ ඨාකූර (1861-1941)

1 comment:

  1. නියම පොස්ට් එකක් සහෝ. ඕක අද කාලේ ගොඩක් දෙනෙකුට අදාලයි. හැම මගුලටම දෙයියෝ ගාවට තම දුවන්නේ.

    ReplyDelete

සෙවුම්