2015/03/14

අවසන් යැදුම





















බලකොටුවක් සේ දැඩි රැකවල් කළ
නිවසේ පවුරුවලින්
එක එක ළඟ සවිකළ දොරගුළුවල
සවිමත් ගාංචුවෙන්
තදින් වසාලූ දොරවල් පසුපස
තිබෙනා සිපිරි ගෙයින්
පාවී යන්නට මුදු ලෙස මා හට
අවසන ඉඩ හළ මැනව ඉතින්

මුදුබවේ යතුරෙන් දොරගුළු විවර කොට
කොඳුරා, දොරවල් හරිනු මැන ආත්මය
ඉඩ හළ මැනව මට පාව යන්නට පෙරට
නොනගා හඬක් ඉදින්

නොඉවසිල්ලෙන් තොරව,
මුදුබවින් යුක්තව,
ඉඩ හළ මැනව මට
පාව යන්නට පෙරට
(නැසෙන සුළු ශරීරය
බලවත්ය ඔබගේ බැඳුම
අහෝ! ප්‍රේමාදරය
බලවත්ය ඔබගේ බැඳුම)

 














-වෝල්ට් විට්මන් (1819-1892)

චිත්‍රය: අල්බ්‍රෙක්ට් ඩියුරර්

12 comments:

  1. Replies
    1. මෙය වරදෙන් පලායාමකට වඩා තෘෂ්ණාවෙන් පිරි බැඳීම්වලින් පිරි නිස්සාර ජීවිතයෙන් සමුගෙන යාමට ඇති අසීරුබව දක්වන කවියක් බවයි මට හැඟෙන්නේ.

      Delete
  2. යන්නට අවශ්‍ය වුණත් යන්නට ලෝබකමකුත් ඒ කියන්නෙ යන්නට බැරි ඇලීමකුත් තිබෙන බවක් ඡායාමාත්‍ර වශයෙන් පෙනී යනවා නේද?

    ReplyDelete
  3. මං කැමති යන්න
    ආයෙම නොඑන්න
    වතු සුදු මල් අඬන කොට ගිලන් වූ විලාසෙන්
    මන්දාරමක් වගේ තනි වෙලා ඉන්න
    මං කැමති යන්න
    ආයෙම නො එන්න

    වලා උගුරක් උරා කඳු හිස
    මිහිදුම මුදා හැර නිම්නය
    මං කැමති මල් සුවඳ වෙලා ඉන්න
    සුළඟ හා පාවෙලා යන්න

    කලා සිඳවා අමාවක රැය
    පහන් තරුවක් වැටේ ගඟ දිය
    මං කැමති මුනිවත දරා ගන්න
    නිසල වී නික්මිලා යන්න

    ReplyDelete
    Replies
    1. මා හැමදාමත් කියන්නා වගේ මේ කවි දැක්කාම මගේ පරිවර්තන මොනවද කියලා හිතෙනවා.

      Delete
    2. කඳුගේ කවිය ඉස්සෙල්ලා කියෙව්වා.. පස්සේ තමා මෙතැනට ආවේ.. එතකොටයි හොදටම වැදුනේ..

      Delete
    3. ඇත්තටම කඳුගේ කවිය පිළිතුරු කවියක්.

      Delete
  4. අගේ අැති බ්ලොගයක්........ අදයි අාවේ........... දිගට ම ඒන්නම්.. දිගට ම ලියන්න........ ජයවේවා

    ReplyDelete
  5. අජිත් අයියගෙ දර්ශකෙන් දැක්කේ නියම පිටුවක්
    ජයවේවා......!

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තූතියි වර්ණ. ඔබටත් ජය.

      Delete

සෙවුම්