2015/10/17

පොත් පිළිස්සීම
















භයානක දැනුම පිරි පොත්
ප්‍රසිද්ධියේ පුළුස්සන ලෙසට
අණ කළ විට රෙජීමය
බල කෙරිණි ගොනුන් හට අදින්නට
පොත් පිරවූ ගැල් ගිනි මැලය වෙත හැමතැනකම
පිළිස්සූ පොත් ලැයිස්තුව පිරික්සන
තහනමට ලක්වූ එක් විශිෂ්ටම කවියෙක්
තම පොත් පුළුස්සන්නට අමතකව ඇති වග
වටහා ගත්තේය දැඩි භීතියෙන්
සිය ලියන මේසය වෙත
වියරුවෙන් මෙන් ගිය හෙතෙම
ලියුවේය බලයේ සිටින අය වෙත ලියමනක්.
සිය පෑන ලෙලවමින් ලියුවේය ඔහු මෙලෙස:
පුළුස්සපල්ලා මාව ! පුළුස්සපල්ලා මාව !
නොකරපල්ලා මෙලෙස මට !
අමතක නොකරපල්ලා මාව !
නොකියූවෙම්ද සත්‍යය හැමවිටම
මම මගේ පොත්වල ?
දැන් සලකන්නේය නුඹලා මහට
බොරුකාරයෙකු විලසට
එබැවින් අණකරමි මම නුඹලාට:
පුළුස්සපල්ලා මාව ! 















-බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් (1898-1956)

15 comments:

  1. ලස්සනයි මචන්
    ජයවේවා!

    ReplyDelete
  2. මුලින් පොත් පිළිස්සූ ඔවුන්
    ඉක්බිති මිනිසුන්ද පිළිස්සූහ

    ReplyDelete
  3. ෂාහ් නියම කවියක් අද පරිවර්තනය කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ටික කාලයක් කරන්නට හිතාගෙන හිටි කවියක්.

      Delete
  4. හිට්ලර්ගේ ජාතිවාදය කොයි තරම් විනාශයක්ද කෙරුවේ?අද isis ලා කරන්නෙත් ඕකම තමයි නොවේද?

    ReplyDelete
    Replies
    1. ජාතිවාදය කවදත් ඒ විදිය තමයි.

      Delete
  5. නියමයි... නියමයි...
    උඩ තිබුණ ෆොටෝ එක දැකලා ආවේ මොකක්ද බලන්න...

    ReplyDelete
  6. අපූරුයි පරිවර්තනය නිලුක...
    ඇත්තටම එහෙම්ම දැනෙන්න ඇති නේහ්... මොනව හිතෙන්න ඇත්ද එහෙම වුනාම
    අපූරුයි
    ජයවේවා

    ReplyDelete
  7. https://www.youtube.com/watch?v=mGZ9mYVV5s0

    ReplyDelete

සෙවුම්