2015/10/31

වනපෙත මැදින් වැටුණු මඟ


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
වනපෙත මැදින් වැටුණු මඟ

වසා දැමුවෝය ඔවුහු සැත්තෑ වසරකට පෙර

අවු, වැසි, සුළං වැද

කැඩී වැනසී ගොස්ය ඒ මඟ

දැන් ඉතින් කිසිවෙකුත් නොදනිත

වනරොදෙහි ගස් වැවෙන්නට පෙර

ඒ මැදින් වට මඟක් වූ බව:

වන ලැහැබ්, පඳුරු යට

සිහින් පෙඳ පාසි යට

වැතිර ඇත ඒ මඟ.

වනපෙතෙහි පාරක් තිබූ තැන

අළු කොබෙයියන් දැන් බිජු රකින බව

බැජරයන් නිදහසේ දුව පනින වග

දකින්නේ වන රැකවලා පමණිය.

 

කලාතුරකින් මිනිසෙකු දකින

එනිසාම මිනිසුන්ට බිය නොවන

දිය බල්ලන් ප්‍රියාවට අඬගසන තැන

මසුන් පිරි විල මතින් රෑ සුළඟ සිසිල් වන

ගිම්හාන සමයේ එක්තරා ගොම්මනක

පිවිසුණෙහි නම් වනරොදට ඉදින් ඔබ,

වනපෙත මැද තිබෙන ඒ පැරණි මැකුණු මඟ

අතැඹුලක් පරිද්දෙන් දන්නා විලාසෙට

මිහිදුමෙන් වැසීගිය හුදෙකලා වන මැද

තිර ලෙසින් හැල්මේ දුවන අසෙකුගේ කුර හඬ

පින්නෙහි ගැටෙන දිගු ඇඳුමක සරසරය

සමගින් ඔබේ සවන් මත පතිත වනු ඇත.

 


 
 
 
 
 
 
 
 
-රඩ්යාඩ් කිප්ලිං (1865-1936)
 
චිත්‍රය: Peter Campbell

 

5 comments:

  1. My boy Jack

    "Have you news of my boy Jack?"
    Not this tide.
    "When d'you think that he'll come back?"
    Not with this wind blowing, and this tide.
    "Has any one else had word of him?"
    Not this tide.
    For what is sunk will hardly swim,
    Not with this wind blowing, and this tide.

    "Oh, dear, what comfort can I find?"
    None this tide,
    Nor any tide,
    Except he did not shame his kind -
    Not even with that wind blowing, and that tide.
    Then hold your head up all the more,
    This tide,
    And every tide;
    Because he was the son you bore,
    And gave to that wind blowing and that tide!

    Rudyard Kipling

    ReplyDelete
  2. මට මතක් වුනා විල්පත්තුව හරහා පාරක් හදන්න යන හැටි

    ReplyDelete
  3. Great presentation and translation,really appreciating this

    ReplyDelete

සෙවුම්