2016/02/14

පොප්ලර් තුරු මුදුන්





















වැස්සට පසු නැගෙන
නීලවන් මිහිදුම
පැතිර ඇත ගස් වසාගෙන

නිවෙස් යායට පිටුපසින්
බොහෝ දුර ඈතක,
කේතුමය පොප්ලර් තුරුමුදුන් මත
රන් තවරයි හිරු එළිය

ගසක අත්තක් වැනෙයි මොබ
ගේ කුරුල්ලෙක් හඬනගයි ඔබ

රෝසමල් ගෙත්තමින් හැඩ කළ
ජනෙල් තිර වාටිය සැලෙයි සුළඟේ
අඩක් නිරාවරණය කරමින්
පිළිස්සුණු රතු මැටි බඳුනක්

කුටිය තුළ ඇති නිසල බව
ඉවසිල්ලෙන් දරයි
වීදියෙන් නැගී එන
පියවර තබනා හඬක්












-ෆ්‍රෑන්ක් ස්ටුවර්ට් ෆ්ලින්ට් (1885-1960)

Painting by Fyodor Vasilyev

11 comments:

  1. පොප්ලර් කියපු ගමන් මතක් වෙන්නේ ගුරුගීතය.....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේ මුල් කවිය නම් කරලා තිබුණේ 'cones' කියලා. පොප්ලර් තුරු මුදුන් කියන්නේ මා පරිවර්තනයට දුන් නම.

      Delete
  2. පොප්ලර් ගස් දෙක

    ReplyDelete
    Replies
    1. ඔව් ඒවා අප සමග කොච්චර ආධ්‍යාත්මිකව බැඳිලද කියලා දැනුයි තේරෙන්නේ.

      Delete
  3. ලස්සනයි,කවුරු හරි එනකම් බලන් ඉන්නවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම හිතන්නත් පුළුවන්.

      Delete
  4. කියවපු ගමන් ඒ පරිසරය ටොප් එකට හිතෙ මැවෙන්නෙ චිත්‍රයක් ඇන්ද වගේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ් ඔබේ අදහසට.

      Delete
  5. නිලුකගේ පරිවර්තන හරි ලස්සනයි.නිලුක පරිවර්තනය කරපු මුද්‍රණය කරපු පොත් එහෙම තියෙනවා නේද ?ඒ පොත් වල නම් ප්‍රකාශකයින් සමගින් කියන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. ඔව් මා පරිවර්තනය කළ පොත් දෙකක් මුද්‍රණය කොට තිබෙනවා. එකක් මාර්කේස් ගේ ‘විකල් හෝරාව‘. අනෙක මානෙල් අබේරත්නගේ ‘මායා‘. දෙකම ගොඩගේ ප්‍රකාශන. හැබැයි දැන් ඒවා මුද්‍රණයේ තිබෙනවාදැයි මා දන්නේ නෑ.

      Delete

සෙවුම්