2016/09/10

ප්‍රවේණි දාසයාගේ කවිය







මා උපන් බිමේ මේ කෙත්වතුවල
වැඩෙන සරුසාර ගොයම,
මහට තහනම් වූ ඵලයකි නුඹ.

වැඩෙයි නුඹ සරුවට,
පීදෙයි රන් කරල් නුඹගේ,
යන්තමින් මා පණ ගැටගසන කල.

දෙවියන්ම මැවූ ප්‍රාණියෙකු වූ මට,
එවන් ඉරණමක් අත්වීම කෙතරම් පුදුමද
මා හෙලූ දහදියෙන් උපන් ගොයම නුඹ
කිසි කලෙක මට නොලැබෙනුයේ නොවෙද
















(පර්සි එවින්ග් මැතිසන් රුසියානු බසින් ඉංගිරිසියට කළ පරිවර්තනයෙනි.)

Painting by G. Myasoyedov

3 comments:

  1. රන් දහඩිය වගුරන්නෝ. අපූරු පරිවර්තනයක්.

    ජයවේවා!!!

    ReplyDelete
  2. හෙලුවත් ඔබ උදෙසා දහදිය
    උරුම එක පනමක්ම පමණද

    ReplyDelete
  3. විටෙක නොසිතේද
    මධ්‍යතන යුගයම නොවේද
    අධ්‍යතන යුගයත්

    ReplyDelete

සෙවුම්