2019/04/16

කැඩපතෙහි සිටින මිනිසා


















මිලමුදල් සරි කරන සටනෙන් ඔබට ඕනෑ දේ ලැබුණු විට,
ලෝකයා ඔබ එකම දිනකට සිහසුනේ වැඩ ඉන්ද වූ කල,
ඉදින් ගොස් කැඩපත වෙතට බලනු මැන තමන් දෙස,
විමසනුය එහි සිටිනා රුවෙන් කුමක් වේදැයි කියන්නට.

නොවේ ඒ මවුපියන් හෝ ඔබේ පිය බිරිය,
තීරණය කරනුයේ ඔබගේ දිවිසැරිය.
ඔබගේ ජීවිතේ වැදගත්ම තීරණය
දෙන්නේ ඒ රුවයි කැඩපතේ සිට බලන.

අන් කිසිවකුත් නොව, තුටු කළ යුතු ඔහුය, 
රැඳෙනා හෙයින් ඔහු අවසානය තෙක්ම.
ඔබේ මිතුරා නම් කැඩපතෙහි සිටින රුව
සමත් වී ඇත ඔබ අසීරුම පිරික්සුම.

බුදින රසකැවිල්ලෙන් මුද්දරස්පලමක් අවුලන,
කුඩා දරුවකු මෙනිය ඔබ, තමා හපනෙකැයි සිතන.
බැලීමට නොහැකි නම් කැඩපතේ රුව දෙස ඍජුව,
ඔබ මුග්ධයකුයැයි එමිනිසා කියනු ඇත.

වසර ගණනක් පුරා ඔබට රැවටිය හැකිය මුළු ලොව,
ඒ වෙනුවෙන් ඉතින් ප්‍රශංසා ලැබිය හැක.
එනමුදු රැවටුවොත් කැඩපතෙහි සිටින රුව,
එහි අවසන් ඵලය සිත් රිදුම්, කඳුළැල් පමණකිය.

-ඩේල් විම්බ්‍රෝ (1895-1954)

5 comments:

  1. කැඩපත
    අවතල නොවිය යුතුය
    රුව විසල් කොට පෙන්වන
    උත්තල ද නොවිය යුතු ම ය
    රුව කුඩා කොට පෙන්වන
    ඇත්ත ඇති සැටියෙන් ම පෙන්වන
    පැතැලි කැඩපත
    කළණ මිතුරෙකු හා සම වනු ඇත...

    ReplyDelete
    Replies
    1. ඉතා අනගියි. ස්තූතියි පැමිණියාට.

      Delete
  2. "What do you think, Rahula: What is a mirror for?"

    "For reflection, sir."
    Ambalatthika-rahulovada Sutta: Instructions to Rahula at Mango Stone
    https://www.accesstoinsight.org/tipitaka/mn/mn.061.than.html

    ReplyDelete
  3. පරිවර්තනයේ දී කවිය ඉතා අභියෝගාත්මකයි. ඔබ ඒ අභියෝගයට ඉතා හොඳින් මුහුණ දෙන බවයි පේන්නේ.

    ReplyDelete

සෙවුම්