තණකොළ
කපා ඉවර වූ
පිටිය
ඔස්සේ මා ඇවිද යන විට,
තද
පින්නෙහි පෙඟුණු මුදු පිදුරු ලෙස
කැපුණු
තණපත් අඩක් මඟ වසාලයි.
උයන්
පිටියට මා පැමිණි කල,
එකට
පැටලුණු වියළි වල්පඳුරු මත
කැරකෙන
සන්සුන් විහඟුන්ගේ නද
වදන්වලටත්
වඩා දුක්බරයි.
බිත්තිය
අසල ඇති කොළ හැලුණු ගසක සිට,
නිසැකවම
මා සිතිවිල්ලෙන් කම්පිතව,
එකම
එක දුඹුරු පැහැ තුරුපතක්
සෙමෙන්
පොළොවට ඇද වැටෙයි.
යළිත්
ඔබ වෙත රැගෙන එන්නට
ඉතිරිව
තිබෙන අවසන් ඇස්ටර් මලෙහි
මලානික
නිල්පැහැය නෙලන්නට
තව
වැඩිදුර නොයා මා දෙපා නතර වෙයි.
-රොබට්
ෆ්‍රොස්ට් (1874-1963)
සෑහෙන කාලෙකින් නිලූක. ෆ්‍රොස්ට් ගැන විස්තරයකුත් ලියන්න
ReplyDeleteඔව් සෑහෙන කාලෙකින්. අවුරුද්දකින් විතර.
Deleteගුප්ත රසයක් මතු කරන්නේ මේ කවි පන්තියෙන්.
ReplyDeleteහරි ලස්සනයි නිලුක පරිවර්තනය.නිලුකගේ පරිවර්තනයක් මේ දවස්වල දෙවැනි වතාවටත් කියවනවා.
රස වින්දාට ස්තූතියි මනෝජ්. මගේ පරිවර්තනයක් දෙවැනි වතාවටත් කියවන බව දැනගැනීම සතුටක්.
Deletebeautiful words.I read some other poems too. have to return to read more leisurely. congratulations for your achievements.
ReplyDeleteThank you Blue Lotus. Your words are encouraging, indeed.
Deleteඅපූරුයි. බොහොම ස්තූතියි
ReplyDeleteකියෙව්වාට ඔබටත් ස්තූතියි.
Delete