2011/08/24

සැඟවුණු මතකය















සිහිල් ළිං පත්ලක රැඳුණු
සුදො සුදු ගල් කැටයක් පරිද්දෙන්
මා හදවත ගැඹර
සොඳුරු මතකයක් සැඟව ඇත
අමතක කරනු නොහැක මට එය
එයම වේ මා දුකද සතුටද

මා දෑසට එබෙන කවර කෙනෙකුට වුවද
දකිනු හැකිවෙතැයි එය කල්පනා කරමි මම
ඒ දකින කවුරු හෝ දුකට පත් වනු ඇත
දුක්බර කවියකට සවන් දුන් කලක මෙන

බොහෝ කලකට පෙර දෙවිවරු උමතුවෙන්
පත් කළෝ මිනිසුන් හැඟුම් නොමරා අජීවි බවට
ඔබ මගේ අතීතය බවට පෙරළී ඇත
හද පෙළන ශෝකය සදාකාලික කරන්නට














-ආන්නා අක්මතෝවා (1889-1966)

1 comment:

සෙවුම්