අළුවන් මහ සයුර, අඳුරුවන් ගොඩබිම
කහවන් විසල් අඩසඳ නුබ ගැබ රැඳී ඇත
නිදිගත් සයුර මත වැටී ඇත සඳඑළිය
සෙමෙන් නැගෙමින් බිඳෙයි රිදීවන් රළ පතර
දියතලය මත ඇදී මා කුඩා ඔරු ඇණිය
නවතියි වෙරළ ඉම තෙත වැලිතලය මත
කරදිය සුවඳ රැඳි වෙරළෙහි ඇවිද ගොස්
කෙත්වතුද පසු කොට ගොවිපොළක් දකින තෙක්
ගොවිපොළ මැද පිහිටි නිවෙසේ කවුළුවට
තට්ටු කරනෙමි මම හඬ නොනැගෙන පරිදි
තියුණු කෙටි හඬක් ගා විවර වෙයි දොර පියන
නිල් පැහැති මද එළිය පැතිරෙයි හාත්පස
බියෙන් සතුටින් පිරී කොඳුරනා කටහඬ
දෙහදවත ගැහෙන රාවයටත් අඩුය .....
-රොබට් බ්‍රවුනිංග් (1812-1889)
No comments:
Post a Comment