2012/08/26

සඳ පහන් රැය සහ වියෝගය















මා පියඹ අද රෑට
ෆූ-සෝවලට පෑයූ
පුරා හඳ දෙස
බලන්නේ තනිවමය

සිතමි මම සෝබරව
දුර ඈත සිටිනා
මා දූ පුතුන් ගැන
තවම ළඳ බොළඳය
වටහාගත නොහේ
මේ වෙන්වීම ඔවුනට

සිහිවේ මට තවම
චැන්ගැන්හි අප ගෙවූ ජීවිතය

සුගන්ධිත පින්නෙන්
තෙමී ඇත ඈ වරළස
සඳඑළියේ දිලෙන
ධවලවන් ඇගෙ දෑත
කිරිගරුඬ මෙන් සීතලය

අපේ දිලිසෙන කඳුළු
සඳකැනෙන් වියැලෙන අතර
ඇරුණු කවුළුවකින් එබීගෙන
නැවත අපි කවදාක
එක්ව හිඳිමුද ඉතින්








තූ ෆූ (712-770)
(ඩේවිඩ් ලුන්ඩ්ගේ ඉංගිරිසි පරිවර්තනය ඇසුරෙනි)

No comments:

Post a Comment

සෙවුම්