2015/06/28

නගරයේ නිශාගීතය





















නිදනු මැන සුවසේ, මගේ සොඳුරිය, නිදනු මැන සුවසේ
කලබල ජැටි මතින් වරායේ විදුලි එළි දිලිසෙයි
උමං බඳු වීදිවල කැරපොතු විලාසෙන්
පොලිස් රථ ඇදී යයි

මුඩුක්කු පැල්පත්වල දිරාගිය තහඩුවෙන්
මකුණන් පිරි වැරහැල්ලක් විලස
සැහැසිකම් එළියට වීසි වෙයි
සුළඟින් නාදවන සීනුවක හඬ බඳුව
භීතිය සෑම තැන පැතිර යයි

දිගු දිනෙක කෝපය
වැලි, ගල් අතර හිඳ හති හලයි
එහෙත් මේ හුස්ම ගන්නා රැයේවත්
මගේ දේශය, මගේ සොඳුරිය, නිදනු මැන සුවසේ
 













-ඩෙනිස් බෘෘටස් (1924-2009)

Painting by Mark H. Wilson 

7 comments:

  1. ඔබ මෙහෙම පෙලින් පෙල පර්වර්ථනය කරලද විශ්ව සාහිත්‍යය අපේ මිනිස්සුන්ට හඳුන්වාදෙන්නේ...?
    මට නම් නීරසයි
    මගේ ඇති ඉතාම සුලු සිංහල දැනුමෙන් මම ඉංග්‍රීසි කවිය පරිවර්ථනය කලා
    මා ඔබට වඩා උස් හෝ මිටියැයි කියන්නේ නෑ
    ඒත් අපේ මිනිසුන්ට යමක් දෙන්න ටිකක් වැඩියෙන් මහන්සි වුනොත් හොඳ‍ ‍යැයි හිතෙනවා

    Sleep well, my love, sleep well:
    the harbour lights glaze over restless docks,
    police cars cockroach through the tunnel streets;

    from the shanties creaking iron-sheets
    violence like a bug-infested rag is tossed
    and fear is imminent as sound in the wind-swung bell;

    the long day’s anger pants from sand and rocks;
    but for this breathing night at last;
    my land, my love, sleep well.

    ආදරිය නිදනු මැන ආදරිය නුඹ සුවෙන්
    දිලිසෙන්නෙ තොටමුණෙහි කලබලය මැද පහන්
    පොලිස් රථ කෘමී වෙස් ගෙන උමං මග තුලින්

    අඳුරු පැල්පත් වහල හඬ නගන සීරුවෙන්
    මුදාලයි සැහැසිකම් ගැසුව මෙනි පිළි වැරෙන්
    සීනු හැඬවෙන්නෙ දන්වන්න මෙනි භීතියන්

    මහ පොලව මත නැගෙයි දිගු දිනෙහි තාපයන්
    එහෙත් සුව හුස්ම පොද හෙලනු දැන්වත් ඉතින්
    මගේ මව්බිමය මා ආදරිය නුඹ සොඳින්

    ReplyDelete
    Replies
    1. ඔබේ පරිවර්තනය අගෙයි. මා කළ පරිවර්තනය ගැන කියනවා නම් මා මගේ සම්පූර්ණ මහන්සිය එය කරන්නට යෙදුවා. එය නීරස බව ඔබට දැනෙනවා නම් එය මගේ පරිවර්තනයේ දොසක් විය යුතුයි. එය හදා ගන්නට මා උත්සාහ කරන්නම්. ඔබගේ විචාරයට ස්තූතියි.

      Delete
    2. සමාවෙන්න නිලූක මම කී දෙයින් ඔබේ හිත් රිදවීමක් වුණානම්...
      ඔබේ ලිපි ලේඛන මා කියවා තිබෙනවා... එනිසයි මම කීවේ ඔබට මීට වඩා හොඳ පරිවර්තනයක් කරන්න තිබුණා කියා...
      ඔබ මගේ ප්‍රතිචාරය බාරගත් හැටි විශිෂ්ඨයි...
      විශ්ව සාහිත්‍යය අපට දැනෙන හැටියට අපට ලංකරන්න... ඔබට ජය!

      Delete

සෙවුම්