2016/01/30

මුදු ලෙස පිය නගනු මැන මා සිහින මත























රන් රිදී එළියෙන් තනා නිම කළ
ලකල් ගෙත්තම්වලින් හැඩ කළ
දෙව්ලොවෙහි පිළි විණම් මා ළඟ
එලන්නෙමි ඒ ඔබේ පාමුල
දිවාකල, ගොම්මනේ හා රෑ කල
නීලවන්, අඳුරුවන් පිළි විණම් මා ළඟ
එලන්නෙමි ඒ ඔබේ පාමුල
එසේ වුව, දුගී වූ මා ළඟ
අහෝ ඇත්තේ සිහින පමණිය
ඉදින් මා ඒ සිහින එක්කොට
එලාලූයෙමි ඔබේ පාමුල
පිය නගනු මැන ඉතා මුදු ලෙස
ඇවිදින නිසාවෙන් ඔබ මා සිහින මත















-විලියම් බට්ලර් යේට්ස්
Painting by: Sir Frank Dicksee

15 comments:

  1. රස වින්දෙමි . ස්තුතියි නිලුක

    ReplyDelete
  2. අපූරුයි පරිවර්තනය නිලූක..
    ලස්සනයි
    ජයවේවා

    ReplyDelete
  3. ලස්සනයි...........

    ReplyDelete
  4. අපුරුයි නිලුක,හරියට රස වින්දා.

    ඒ සිහින මත අනිවාර්යෙන් ඈ පිය නගනු ඇති.

    ReplyDelete

සෙවුම්