2016/05/22

ගිම්හානයේ අවසන






වාතයේ කැළඹීම, එළියේ වික්ෂිප්තබව
අවවාද කළේ මට
පෙම් නොලද වර්ෂය
එදා රෑ ගෙවී යනු ඇති වග.

වසඟයෙන් මිදුණු කෙත අබියස
ඉපනැලි, ගල් කැට අතර
සිටගෙන සිටියෙමි වශීකෘතව,
මුමුණන අතර කුඩා පණුවෙකු මා කනට
මගේ ඇට මිදුළුවල ගීතය.

නිල්පැහැය වැගිරිණි ගිම්හානයේ නිල්පැහැය මත
උකුස්සෙක් පියැඹීය වළා සුන් ගුවන සිට
දිලිසිණි අව්වෙහි වී බිස්සෙහි වහළ
දැන ගතිමි, දිවියෙහි එකොටස නිමවූ වග.

උතුරු දිග ය-ද්වාරය
හඬ නගා විවරව ඇත
විහඟ, කොළ, හිම ගණ
අණ ලබා ඇත පෙරට යන්නට
කුරිරු වූ සුළඟක්
හමයි ඒ අතරම.















-ස්ටැන්ලි කුනිට්ස් (1905-2006)

Painting by Claude Monet

2 comments:

  1. ස්තුතියි නිලූක.. රුසියානු බසින් සිංහලට පරිවර්තනය කරන්නෙකුත් අපට දැං ඉන්නවා.. ඔබගේ උපදෙස් ඔහුට වැදගත්වේවි.

    රුසියානු පරිවර්තන

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශක. රුසියානු පරිවර්තනවලට ගිහින් බලන්නම්.

      Delete

සෙවුම්