2017/03/05

හිස් කඩදාසියකි මා දිවිය





හිස් කදාසියකි මා දිවිය
රැඳිණි එය හිස් කදාසියක් ලෙසටම
යම් දෙයක් ලියැවිණිද ඒ මත
මැකිණි ඒවා කඳුළු සමගින

එක් සුළං රැල්ලක් හමා විත්
කුසුම් ගිලිහී වැටිණි අත්තෙන්
පවනෙහිත් නොව, උයනෙහිත් නොව
එනම් කාගේ වරදක්ද එය
සුවඳ පොද සැඟවිණිය සුළඟෙහි
ඉතිරි නොවිණිය ඉතින් කිසිවක්

ගගන සරනා සියොත් කැළටත්
ඇත කැදැල්ලක්, මහට නැත එය
මාවතක් නැත, දැනුමකුත් නැත
මෙමට කොයිබක යන්න වේදැයි
සිහිනයක් වී මගියෙකුගෙ හිස
රැඳී සිටියෙමි ඔහුත් සමගින


චිත්‍රපටය:          කෝරා කාගස්z (හිස් කඩදාසිය)- 1974
සංගීතය:           කල්යාන්ජී-ආනන්ද්ජී
ගී පද:               එම්.ජී. හෂ්මත්
ගායනය:          කිෂෝර් කුමාර්

10 comments:

  1. හිස් කඩදාසියක් වන තරමට හිත, ජීවිතය විඳිය හැක.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හරිම කැමති ගීතයක්. ඔබ මීට පෙර ලියූ ගීතය වගේම මහා ශෝකී බවක්, හිස් බවක් දැනෙනවා. තේරුම නොදැන ඇහුවත්, ඒ සංගීතයේ සහ ගායනයේ සියුම් වේදනාවක් මිහිරක් සහ රසයක් සමග හදවත වැලඳගන්නවා. අපි දෙන්නම රස විඳින ගීතයක්. නිලුකට ස්තූතියි.

      Delete
    2. ඔබටත් ස්තූතියි අරුණ. මේ සතියේත් හින්දී ගීතයක් පරිවර්තනය කරන්නට සිතා නොසිටි මුත් ඒ ගීතයට මාගේ ඇති දැඩි කැමැත්ත නිසා එය නොකර ඉන්නට බැරි වුණා. සාමාන්‍යයෙන් කිෂෝර් කුමාර්ට ඇත්තේ ප්‍රීතිමත් කටහඬක් වුණත් මේ ගීතයේ ඔබ ඔය කියන ශෝකී ගතිය තිබෙනවා.

      Delete
  3. ආසාවෙන් අහපු හින්දි සින්දු මේ වගේ තේරුමත් එක්ක අහන්න ලැබෙන එක කොයි තරම් දෙයක්ද.

    මනෝජ්ගේ ලිපියේ ලින්ක් එක දිගේ මේ පැත්තට ආවේ

    අපූරු බ්ලොග් අඩවියක්

    ජය !

    ReplyDelete

සෙවුම්