2017/10/29

සිසිරයේ රාත්‍රිය





















හිම වැටිණි දිගින් දිගටම මුළු ලෝකය පුරා,
වැසිණි වැටෙනා හිමෙන්
ලොව එක් කොණක සිට අනෙක් කෙළවර තෙක්.
දැවිණි ඉටිපහනක් මේසය මත;
දැවිණි ඉටිපහනක්.

ගිම්හානයේ ගිනි සිලකට වදින්නට
කෝඳුරුවන් රොද බඳිනා පරිද්දෙන්
බැහැර මිදුලෙහි හිමපියලි
රොද බැඳී කවුළු පියනෙහි වදින්නට

කවුළුවෙහි වීදුරුව මත තැනුවේය හිම කුණාටුව
ඊතල, වක්‍ර ඈ විවිධ වූ හැඩතල.
දැවිණි ඉටි පහනක් මේසය මත;
දැවිණි ඉටි පහනක්.

එළිය කළ සිවිලිම මත
වැටිණි විපරීත වූ සෙවණැලි:
බැඳුණු අත්වල, හරස් කළ පාවල
බැඳුණු ඉරණම්වල සෙවණැලි.

කුඩා පාවැසුම් දෙකක්
පතිත විය බිම හඬ නඟා.
ඉටිපහන් රුකක රැඳි ඉටි පහනකින්
වැගිරිණි ඉටි කඳුළු ඇඳුම් මත.

හිම සුදු දුමාරය මැද, 
අතුරුදන් විය සියලු දේ.
දැවිණි ඉටි පහනක් මේසය මත;
දැවිණි ඉටි පහනක්.

හමා ආ සුළඟකින් නැටවිණි පහන් සිල.
පෙළඹුමේ ධවල දාහය,
උඩට පීරා සිය සුරඟන පියාපත්
කුරුසියක් වන් සෙවණැල්ලක් මැවී.

වැටිණි හිම තදින් මුළු නවම් මස පුරා
නොනවත්වාම මෙන්.
දැවිණි ඉටි පහනක් මේසය මත;
දැවිණි ඉටි පහනක්.




















 Painting by Konstantin Korovin

2 comments:

  1. I hope that u don't mind my commenting in English. The translation itself is very beautiful and I think u surpass the original. I have for the moment given up translations as it is eating my whole energy and time. THAT IS WHY I ADMIRE YOUR TRANSLATIONS AND THEY ARE VERY BEAUTIFUL AND HAVE THEIR OWN STORY.I DON'T FEEL IT IS A TRANSLATION. YOUR VOCABULARY IS SUPERB.ALWAYS HOPING TO READ ALL YOUR TRANSLATIONS BUT UNABLE TO DO SO. EXCELLENT WORK.

    ReplyDelete
    Replies
    1. Thank you very much for your comments Blue Lotus. It's a pity that you have given up translation.

      Delete

සෙවුම්