මගේ සිත අමතක කර දමයි බොහෝ දේ
සංග්‍රාමවල
දින, රජවරුන් මැරුණු දින වැනි,
එනමුදු, එපිට ගම්මානයේ හෝරා
කණුවේ
මද්දහන සනිටුහන් කළ,
මැයි මහේ අන්තිම නීලවන්
මද්දහන් පැය
සිහියට නඟා ගත හැක මට හරියටම:
රැළි නංවමින් මඟ පසෙක ඇති
දියකඳුර මත,
සුළඟක් හමා ආයේය යුහුසුළුව
මෙදෙසට,
ඉක්බිති මෙතැන නතරව,
බිම තබා සිය පයින්-සුගන්ධිත
බර,
සොලවා බිම හෙලී,
කැලෑ රෝස ගසෙන් අර,
පෙති දෙකක් උකටලී ලෙස.
-තෝමස් බේලි ඕල්ඩ්රිච්
(1836-1906)
චිත්‍රය: Paul Cezanne
මෙයාගේ ගැන තව ටිකක් විස්තර ලියනවද..
ReplyDeleteමට මෙයා හමුවෙලාම නෑ
https://americanliterature.com/author/thomas-bailey-aldrich
Deleteමේ කවියේ තියෙන වැදගත්ම දේ තමයි, පොදු මිනිසාගේ දුකට සංවේදී වීම කියන කාරණාව. රජවරුන්ගේ, ආගමික නායකයන්ගේ සියලු සැමරුම් දින මතක තිබ්බත් අපිට මතකද ලෝකය වෙනුවෙන් ජීවිතය කැපකල අපි වගේ මනුස්සයෙක්ගේ සැමරුම් දිනයක්? නැහැ. මේ කවියා කවියෙන් කියන්නේ ඔහුට මතක සෛුළඟ විසින් හෙලා දැමූ රෝස පෙති දෙකක් බිමට වැටුනු දවස ඔහුට මතක බව. අපිවම ප්‍රශ්න කරන මේ කවි කියන්නෙම ජිවිතේ හොයන ආකරයක්.
ReplyDeleteඔබේ අදහසට ස්තූතියි රශ්මික.
Deleteලස්සනයි
ReplyDeleteබොහොම ස්තූතියි ඔබට.
Delete