මා සොහොන අසල හිඳ
නොවැළපෙනු මැන ඉතින්
එහි නොඉන්නෙමි මම
නොනිදමි මම එතුළ
සහස් ගවු දුර හමන
සුළං රැළි මම වෙමිය
හිමකැටි මත දිලෙන
දියමන්ති මම වෙමිය
පැසුණු ගොයමට වැටෙන
හිරු එළිය මම වෙමිය
සරත් කල ඇද හැලෙන
මුදු වැස්ස මම වෙමිය
නිහඬ වූ උදෑසන
ඔබ අවදි වන කලට
අහසේ රැව් නැගෙන
සියොත් හඬ මම වෙමිය
රෑ කල අහස ගත්
දිලෙන තරු මම වෙමිය
මා සොහොන අසල හිඳ
නොවැළපෙනු මැන ඉතින්
එහි නොඉන්නෙමි මම
මා මියගොස් නොමැත
-කර්තෘ අඥාතයි