2011/11/29

කූඩු කළ සියොතුන් ගී ගයන්නේ ඇයි දැයි මම දනිමි













සුළඟ පිට උඩ නැගී
පහළට පාව විත්
සුළං රැළි නවතින තැන නැවත
රන්වන් හිරු රැසෙහි පියාපත් පොඟවනුය
නුබගැබට අයිතිකම් කියා කෑ ගසනුය
නිදහස් සියොත් තෙම

එනමුදු කූඩුවක් තුළ
හිස නගා ඔබ මොබ යන
වියරුවෙහි දැල මැදින්
එළිය ඉඳ හිට දකින
කැපූ පියපතින් යුත්
දෙපා බැඳ දමා ඇති
කූඩු කළ සියොත් තෙම
විවර කරනුය මුව
ගීතයක් ගයන්නට

නම නොදන්නා මුත්
තවමත් පතන දෙය ගැන
බියජනක ධ්වනියෙන් ගී ගයයි
කූඩු කළ සියොත් තෙම
උගේ ගී රැව් දෙයි
ඈත කඳු පෙළ අතර
ගයනා හෙයින් නිදහස ගැනම

ගස් අතරින් හමන මුදු සුළං රැළි ගැන
අලුයම බිම සිටින මහත පණුවන් ගැන
තමන් වෙත හමා එන තවත් සුළඟක් ගැන
කල්පනා කරනුය නිදහස් සියොත් තෙම
නුබ ගැබට අයිතිකම් කියනුය සෑම විට

සිහින වැලලූ තැන රැඳී සිට
ඇඟ කිළි පොලා යන නාදයක් පතුරුවන
කැපූ පියපතින් යුත්
දෙපා බැඳ දමා ඇති
කූඩු කළ සියොත් තෙම
විවර කරනුය මුව
ගීතයක් ගයන්නට

නම නොදන්නා මුත්
තවමත් පතන දෙය ගැන
බියජනක ධ්වනියෙන් ගී ගයයි
කූඩු කළ සියොත් තෙම
උගේ ගී රැව් දෙයි
ඈත කඳු පෙළ අතර
ගයනා හෙයින් නිදහස ගැනම









-මායා ඇන්ජෙලෝ (1928-)

5 comments:

  1. Amaali Boralugoda29 November 2011 at 11:31

    Great work sir.!!

    ReplyDelete
  2. lionel Ratnatilake29 November 2011 at 20:12

    Great!!!!!

    ReplyDelete
  3. Another good translation Machan...

    ReplyDelete
  4. I love this. Great!

    ReplyDelete
  5. ස්තුතියි, මගේ බ්ලොග් අඩිවියට පිවිස අදහස් දැක්වීම ගැන. පරිනර්තන කවි ගී පිටුවෙහි මම වඩාත් කියවන විඳින කවි අතරේ, ඔබේ පරිවර්තන කවිද ඇති වග පළමුව කිව යුතුයි. මමද සිංහලට නගන්නට වෑයම් කළ මෙම කව ගැනද මගේ ඇල්ම විශේෂයි.
    අප දෙදෙනාගේ පරිවර්තන වෑයම් දෙක දෙයාකාර වීමත්, එබැවින් එහි ගති ලක්ෂණ දෙවිදිහක වීමත් නිසා ඉන් අප දෙදෙනාට පවා වෙනස් රසයක් ලබන්නට හැකි බව වැටහුණා.
    මගේ මේ වෑයම,වෙසෙස් හැකියාවැති අය පුළුල් වශයෙන් පරිවර්තන කාර්යයෙහි නියැලෙන තුරු අවකාශය පිරවීම සඳහා පමණයි. එහි අපමණ අඩුපාඩු තිබිය හැකියි. සකස්විය යුතු තැන් තිබිය හැකියි. එහෙත්, යම් විදෙස් කවියකින් අප ලබන වින්දනය, අනෙකේ අය හා බෙදා හදා ගැනීම සතුටක්. අපි ඒ සතුටේ කොටස්කරුවන්. ඒ අතරට තව තවක් කොටස්කරුවන් එකතු වේ නම් සතුටක්. .

    ReplyDelete

සෙවුම්