2015/07/11

නොඑනු මැන, මා මළ පසු






















නොඑනු මැන, මා මළ පසු
ඔබේ බොළඳ කඳුළු මා සොහොන මත සලන්නට
නොඑනු මැන, පයෙහි නොඇලෙන දුක් දූලි පාගා
වැදහොත් මා හිස වටා යන්නට
ඉඩ හරිනු මැන එහි සුළඟට හමන්නට
ඉඩ හරිනු මැන එහි විහඟුන්ට ගයන්නට
එහෙත් යනු මැන, නොපැමිණ මා සොහොන වෙත

දරුව, ඒ ඔබේ වරද වුව, අපරාධය වුව
කම් නැත මට ඉන්, නොගනිමි මම එය ගණනකට
විවාපත් වෙනු මැන ඔබ රිසි කෙනෙකුන් සමග
කාලයෙන් රෝපත්ය මම, රිසියෙමි ඉසිඹු ලන්නට
ඉදින් යනු මැන දුබල හදවත
මා හට වැතිර ඉන්නට ඉඩ හැර
යනු මැන, යනු මැන, නොපැමිණ මා සොහොන වෙත














-ඇල්ෆ්‍රඩ් ටෙනිසන් (1809-1892) 

3 comments:

  1. ඒකට සිංහල ගීත සාහිත්‍යය බලන්නකෝ..................

    මා මල පසු සොහොන් කොතේ දුක් ගීතයක් ලියනු මැනවි....
    --------- මගෙ ළග තනියට ඉනු මැනවී

    ReplyDelete
  2. ඔබට මා අතැර යන්නට වූ පසු
    කිසි දිනෙක නොගියෙමි නුඹ සොහොන වෙත
    නුඹ මගේ හදවතෙහි මිස එහි සිටින්නට හැකිද

    කුමට පාරවන්නෙද ඔබ පාමුලට විත් පසුගිය මතක
    නුඹ නොවන නුඹට මැකී යන්නට දෙමි නිසසලව
    සුළඟ හමයි මල් කිනිති සැලෙයි
    කඳුකරයේ නිසල බව නුඹ වටා විහිදෙයි

    නුඹට යන්නට සිදු වූ පසු ඉවතට
    රැගෙන ආවෙමි මම නුඹ මගේ හදවතට
    එහෙත් ඉකි නොගැසුවෙමි
    යන්නට නොහැකි වෙන ලෙස නුඹට
    ඇදී යා යුතුය ඔබ ඉඳින්
    වලාවක් වගේ සිහිලෙන් සැහැල්ලුවෙන්

    මතකයන්ගේ බරින් මුදාහැර ඔබව
    රැගෙන ආවෙමි මල් සුවඳ

    මේ බලන්න
    මගේ කන් පෙති මත මල් පිපී ඇත
    සාරියේ රන් රෝස මල පවා ඔබගේය

    ReplyDelete

සෙවුම්